"නායකත්ව පුහුනුව ඔන්න පටන් ගන්නවා... " මේ ලගකදි දවසක් උදේ
පාන්දර දෙරණේ උදේට පත්තර කියවන පොඩි කොලු ගැටයා මහා හයියෙන් කෑගැහුවා.
සමාන්‍යයෙන්
උදේට අපේ ගෙදර TV එක දාන්නේ
පාරේ යන මිනිස්සුන්ටත් එක්ක.අම්මා උදේ 4ට විතර නැගිට්ටා විතරයි,අපේ ගෙදර එතෙක් පැවති සාමකාමී බව අතුරුදහන්
වෙනවා.හාමුදුරුවෝ පිරිත් කියන්න පටන් ගන්නවා.පත්තරකාරයෝ සිරස්තල කියනවා.මේ ඔක්කොම
සෙල්ලම් අපි 3දෙනාව ඇදෙන් බිමට
බස්සන්න.අපිනම් බහියි.
අනිත් වැඩ වලදි හාත්පසින් වෙනස් උනත් නිදා ගැනීම කියන පොදු
සාධකේදි මමයි, නoගිලා දෙන්නයි අතරේ පුදුම සහෝදර කමක්
තියෙන්නේ.
ඒ කොහොම උනත්
අර සිරස්තලේ එක්ක මම අවුරුද්දක් අතීතේට ගියා.
ඕකට යන්න
ඉස්සෙල්ලා අපේ කට්ටියට ලොකු ලොකු ප්‍රශ්න තිබුනා.
army එකේ වගේ punishment දේවිද?පැය 3ක් 4ක් විතරක් නිදාගන්න දේවිද?
හැබයි මටනම් ඔය එක ප්‍රශ්නයක් වත් තිබුනේ නෑ.army එකේ නිසා හොදට කෑම තියෙනවා කියලා දැනගෙන
හිටියා.ඉතින් තව මොනවද?
තිබුන එකම
සැකය තමයි අව්වේ exercise කරලා මගේ සමේ පැහැපත් බව නැති වෙයිද කියන එක.
යන්න ඉස්සෙල්ලා
ගේන්න කියලා තිබුන අර ලොකු බඩු ලිස්ට් එක එකතු කරන එක තමයි එපා කරපුම වැඩේ.බඩු ටික
එකතු කරගෙන ඒකට යන්නම ගත්ත යට රෝද තියෙන තඩි බෑග් එකට පැක් කරගෙන ඔන්න ගියා.
කෑම්ප් එකට යන
අතර මගදි මම කල්පනා කර කර ගියේ මම අදුරන එවුන් ඇවිත් ඉදිවිද කියලා.ආව අය කවුද
කියලා දන්නැති උනාට camp එකට
පලවෙනියෙන් යන එකානම් මම දැනගෙන හිටියා.
වෙන කවුරුවත් නෙමෙයි අපේ මයිනා.මූට මේකට යන්න තිබුනේ විභාගේ පාස් වෙන්න
තිබුනට වඩා උනන්දුවක්.පලවෙනි batch එක කෑම්ප්
යන්නත් ඉස්සෙල්ලා මූ බඩු ගන්න පටන් ගත්තේ.
මම කෑම්ප්
එකට ගිහින් මට නියමිත වෙලා තිබුන බිලට්
එකට ගොඩ වුනා විතරයි.කිව්වා වගේ මයිනා ඉන්නවා කන ගාවට දත් පෙන්නගෙන හිනාවක්
දාගෙන.උගේ කන් දෙක ලගින් සතුට බින්දු බින්දු බේරේනවා.ටිකක් කිට්ටුවෙලා බැලින්නම්
කෙළ. නොදකින්!!!!
මට හම්බුනේ උඩ
ඇදක්.මොනවා කරන්නද? කැම්ප් එක
ඉවරවෙනකන් බෙල්ල කඩා ගන්නැතුව ඉන්න එක තමයි දැන් තියෙන ලොකුම ගේම. පලවෙනි දවස
නිසා විශේෂ මුකුත් කරන්න තිබුනේ නෑ.
ටිකක් හවස්
වෙලා ගියා බාත් රූම් එක පැත්තේ.ෂවර් තියෙනවා 6ක්.ටැoකි 2කුත් තියෙනවා.වැසිකිලි 4 ගානේ මුහුනට මුහුන ලා තියෙනවා දොර වල්
සහිතව.
පලවෙනිම නෑම
කියලා හිතාගෙන ෂවර් එක ඇරියා.හරි සැරට තිරසට අඩි 2ක් විතර දුරට වතුර විදිනවා.අපිත් ගිහින් ආසාවෙන් නෑවා.ඒ
නාද්දී අපිට කවදාවත් හිතුනෙ නෑ ඒෂවර් වලින් නාන පලවෙනි හා අවසාන දවස ඒක වෙයි
කියලා.එදා ඉදන් දවස් 21ක් අපි බලන්
හිටියා......ආයිත් කවදාවත් ඒ ෂවර් වලින් වතුර
ආවේ නෑ......ටැoකි පිරුනෙත් ඉදලා
හිටලා.......ඒක නිසා අපේ සමහර එවුන් නෑවෙත් ඉදලා හිටලා.
කොහොම උනත්
පලවෙනි රැය ඉවර වේගෙන යනවා.යථෝක්ත වෙලේ මම සැපට නිදි.
මට මොකද්දෝ
අමිහිරි සද්දයක් ඇහෙන්න පටන් ගත්තා.ගණන් ගත්තේ නෑ.මේ මගුල නවතින්නෙත් නෑ.මගේ එහා
පැත්තේ ඇදේ හිටපු පිසාචයත් පෙරලෙනවා.එකා දෙන්නා ඇහැරෙනවා.
ටිකක් වෙලා යද්දී
තේරුනේ.අපේ ඉස්සරහා ඇදේ එකා එලාම් එක තියලා නීදාගෙන තියෙන්නේ.රෑ නිසා මුලු බිලට්
එකටම ඇහෙනව.එච්චර සද්දෙට එලාම් එක තියාගෙනත් මූ සැපට නිදි.වෙන එකෙක් නැගිටලා
ගිහින් එලාම් එක off කරා.
ඔන්න දැන්
එහෙන් මෙහෙන් මිහිරි වදන් තෙපලෙනවා ඇහෙනවා.අරකාගේ ආත්තම්මට,ආත්තම්මගේ ආත්තම්මට පවා පින් අනුමොදන්
වෙනවා.මමත් නිකමට වගේ වෙලාව බැලුවා.
මගේ අහින්සක
කටිනුත් අනිච්චානුගව මහා නරක වචනයක් පිට උනා.වෙලාව 3යි.මම වැඩිය බනින්න ගියේ නෑ නරක වචන කියලා මගේ කිරි දත්
ටික හැලුනොත් කියලා.තරහා වැඩිකමට පොඩි බරකුත් ආවා.කොහොමහරි මෛත්‍රී භාවනාව විනාඩි 5ක් කරලා නිද ගත්තා.
පහුවදා උදේ
මූණ හෝදන තැන තමයි හොදම යුද්දේ.පට්ට පෝලිමක් තියෙන්නේ.
මමයි අනිත් ගිහානයයි කොහේ
ගියත් ෂේප් න්‍යාය පාවිච්චි කරන අය නේ.බොන්න දීපු වතුර බොතල් ගොඩෙන් බෝතලයක් අරන්
මූන හෝදන්න ගත්තා.වට පිට බලද්දි කොල්ලො අපි දෙන්නා දිහා හරි හිරිකිතෙන් බලනවා.
මම
බැලුවා කට වටේ ටූත් පේස්ට්ද කියලා.නෑ... කලිසමේ zip1 එක ඇරලද බැලුවා.
ඒත් නෑ...
බැලින්නම් පානීය ජල බෝතලෙන් මූන සේදීම මගින් රටේ ඇතිවන ආර්ථික අර්බුදය හා භෞමික
අඛණ්ඩතාවය පිලිබද ගැටළු ගැන උන් හිතලා තියෙන්නේ.
කොහොම උනත්
සතියක් යද්දි හැම එකාම කරන්නේ අර ක්රමයම තමයි.
මූන හේදුවට
පස්සේ අපිව දානවා පිට්ටනියට උදෑසන ශාරීරික අභ්‍යාස සදහා.. ස්ලෝලි අප්.. ස්ලෝලි
ඩවුන්... ස්ලෝලි..ස්ලෝලි...
ඔන්න කස්ටිය exercise කරනවා.ඊට පස්සේ හැමොම දිව එලියට දාගෙන,සෙම පෙරාගෙන කෑම්ප් එක වටේට දුවනවා.පැයක්
විතර කොරා..
ඊට පස්සේ දාඩිය නාගෙන කට්ටියම කන්න යන්න
සෙට් උනා.
ඉස්සරහින් ගියපු කොල්ලා එක පාරටම මගෙන් අහපි "මචo උදේ අරහම රවුමක් දිව්වම ඇගට මාර ෆිට්
නේ."
මමත් පපුව
පෙරට දමා නිකට පොලවට සරල සමාන්තරව ඔසවා "ඔව් බo ඇගට මාර සනීපයි" කිව්වට මොකද ඒ ටික කියා ගත්තෙත්
බොහොම අමාරුවෙන්.කටේ කෙල නෑ.කකුල් 2 පණ නෑ.සියොලග දැවෙනවා..
ඊට පස්සෙ
තියෙන්නේ දවසම නිදගන්න.ඒ කියන්නේ ලෙක්ච්ර්ස්.
AL කාලේ class එකෙ stage එකට නග්ගාවි කියලා බයට හොරාට කිරා වැටිච්ච
උන්ගේ lecture 1 අතරේ නිදා
ගන්න තිබුන සිතේ බිය නැති කරපු එක ඔය පුහුනුව මගින් රජය කරපු ලොකුම සේවයක්..එකේ ප්‍රතිලාබ
අදටත් අපි භුක්ති විදිනවා.
ඔයට අමතරව
අපිට තිබුනේ DJඑකක් ආවම නටලා, දෙන දෙයක් කාලා ඉන්න තමයි.
මුලින්ම මම
හිතුවේ මේකෙන් ප්‍රයෝජනයක් ගත්තේ නැත්තේ මම විතරයි කියලා.එත් campus ඇවිත් බැලුවම තමයි මට තේරුනේ කෑම්ප් ගියපු
අයගෙන් 99% ආතල් එක ගත්තා මිසක්
වෙන ඒකෙන් ගත්ත දෙයක් නෑ කියලා.අපිට සති 3ක ආතල් 1ක් දෙන්න මිලියන ගානක් වියදම් කරපු එක තමයි හොදම වැඩේ.ඊටත් වඩා හොදම වැඩේ
ඒක දිගටම කරන් යන්න හදන එක.
මේ ඒකේ ප්‍රයෝජනයක්
නැති පැත්ත.ඒකේ කනගාටුදායක පැත්තකුත් තියෙනවා.මේක පවත්වන්න ඉස්සෙල්ලා SB කිව්වේ මේකට ගියේ නැතොත් campus ගන්නෑ කියලා.ඒක නිසා හැම එකාම කොහොමහරි
යන්නත් එපැයි.ගේන්න කියපු බඩු ලිස්ට් එක ගන්න යනවා10,000ක් විතර. නිකවැරටියෙ කැම්ප් එකේ හිටපු කොල්ලෙක් මේකට
ගේන්න දීපු බඩු ලිස්ට් එක ගන්න ඉඩමක් උගස් කරලා.එහෙම කරලා අවා කියලා අන්තිමේ මෙක campus එන්න අනිවාර්ය දෙයක් උනෙත් නෑ.එහෙම කරන්න
නීතියෙන් අවසරයකුත් නැතිලු.
තව මගේ
කුරුණෑගල ඉන්න යාලුවෙක්ගෙ නoගිට ඇවිත්
තිබුනේ රන්ටැබේ කෑම්ප් එකක්.ඒ නoගිට බඩු ගන්න, වෑන් එකකින් ගිහින් දාන්න,ආයිත් එක්කන් එන්න මේ ඔක්කොටම 30,000කට වඩා ගිහින් තිබුනා.
මේක නිසා භාණ්ඩාගාරේ
මුදල් නාස්ති උනාට අවුලක් නෑ.ඕවා ඒකේ තිබුනත් කවුරුහරි ගහන් කන එකනේ.
ඒත් ඉතින්
බොරුවට රටේ මිනිස්සුන්ගේ සල්ලි,
කාලය කාපු එකනම් ඉතින්
ගොන් පාර්ට්.
මේ මොනවා උනත්
තව මාස කීපයකින් ලoකාවේ campus පුරා රැව් දෙන වාක්‍යයක් කියලම මම
නවතින්නම්.
"යකෝ උබලා වගේ නෙමෙයි
අපි army training එකකුත් අර
ගෙන මේකට ආවේ" ;)
මේක කියවලා හොදයි කියලා හිතෙනවනම් මගේ බ්ලොග්1 follow කරලා සප් 1ක් දෙන්න.පස්සෙන් එන කස්ටිය කියලා තියෙන තැන click කරන්න