ඉර පායලා පාට පාට මල් පිපිලා.. ඒත් මම තාම නිදි..
'චූටි පුතා තේ එක බොන්න නැගිටලා සීතල වෙනව'
ඒ මව් රැජිනගෙ හඩයි.
තේ හදා ඇත්තේ මේ දැන්ය.
සමාන්යයෙන් අම්මා චූටි පුතා කියා තේ බොන්න කියන්නෙ තේ සැදූ විගස කරන පලමු සිහි කැදවීමෙදි පමනි.දෙවන තුන්වන සිහි කැදවීමෙදී චූටි පුතා, ලොකු එකා,මී හරකා බවට පත් වේ. බොන්න නැගිටින්න යන පදද නැගිටපිය, බීපිය ලෙස පරිණාමයවේ.
සමාන්යයෙන් අම්මා චූටි පුතා කියා තේ බොන්න කියන්නෙ තේ සැදූ විගස කරන පලමු සිහි කැදවීමෙදි පමනි.දෙවන තුන්වන සිහි කැදවීමෙදී චූටි පුතා, ලොකු එකා,මී හරකා බවට පත් වේ. බොන්න නැගිටින්න යන පදද නැගිටපිය, බීපිය ලෙස පරිණාමයවේ.
මී හරකා alert එක එන්නෙ තේ එකෙහි උෂ්ණත්වය කාමර උෂ්ණතවයට සමාන වීමට මදක් ඉස්සෙල්ලාය.එවිට අවදි වීමෙන් කාලයත්, තේ එකත් ඉතිරි වේ.
'ඒයි නැගිටලා තේ එක බොනවා.අපිටත් කරදරේ'
ඒ ලොකු නoගිගෙ හඩය.කවදාවත් නැතුව නoගි තේ එක ගෙනැල්ලාය. අද අනිවා නoගිට කොහේහරි මට කිය ඇරලවා ගැනීමට තිබෙනවා විය යුතුය.
බොහොවිට නoගී යන්නේ යාලුවන්ගෙ ගෙදරකය.නoගිට තවම සිටින්නේ ගැහැනු යාලුවන්ය.මගේ මෝඩ නoගි සිතන්නෙ එසේ එක්කගෙන යාම මට මල වදයක් කියාය.
තේ එක බී අවසන් වූ මම කෝප්පය සොද අපසු හැරුනෙමි.
" ආයිත් ගුලට වඩින්නෙ නැතුව මිදුල අතුගාලා දානවා. කකා බිබී නිදාගන්නේ"
අම්මා ඉස්සර සිට මගේ කාමරයට කියන්නෙ ගුල කියාය. ඒක හරි වැරදිය.
අපේ ගෙදර විශ්ව ගම්මානයට සම්බන්ද වන්නේ මගේ කාමරය හරහාය.යාපනය, කුරුණෑගල, නුවර, හම්බන්තොට ආදී රට පුරා නගර වලින් දුරකතන ඇමතුම් එන්නේද මගේ කාමරයටය. .ගුලට එහා පැත්තේ ඇති නිවසේ දුරකතනයට එන්නේ දිස්ත්රික්කයෙ ඇමතුම් පමනි.
අපේ ගෙදර විශ්ව ගම්මානයට සම්බන්ද වන්නේ මගේ කාමරය හරහාය.යාපනය, කුරුණෑගල, නුවර, හම්බන්තොට ආදී රට පුරා නගර වලින් දුරකතන ඇමතුම් එන්නේද මගේ කාමරයටය. .ගුලට එහා පැත්තේ ඇති නිවසේ දුරකතනයට එන්නේ දිස්ත්රික්කයෙ ඇමතුම් පමනි.
AL කාලයේ අපේ සෙට් එකේ කොල්ලන්ට කෙල්ලන් සෙට් කිරිම plan කරන ස්ථානයක්
ලෙස මෙය ප්රකටව තිබිණ.නමුත් මෙහි plan කල case 5ක් අඛණ්ඩව අසාර්ථක වීම හා
ඉන් 2ක් භයානක ප්රතිඵල ගෙනදීම නිසා මගේ සේවාදායකයන් නැති වී ගියේය.
කෙසේ වෙතත් අම්මාට මෙය ගුලමය.
කෝප්පය එල්ලූ මම (මම තාම ඉන්නෙ කෝප්පේ හොදපු තැන) ගුල ගැන මදක් කල්පනා
කලෙමි.බල්ලන්, පූසන්, මී හරකුන් ගුල් වල ජීවත් වන්නෙ නැත.ගුල් වල ඉන්නේ
හාවුන්, ඉත්තෑවුන් වැනි සතුන්ය. හාවා සලකා බැලීමට මම තිරනය කලෙමි.
හාවා යනු අහින්සක බවේ සන්කේතයයි
.තවද "හා අම්මාට උගේ පැටියා මැණිකකි" කියා පුරාන පඩිවරයෙකු කියනවා මම අසාගෙන සිටියෙමි.අම්මා අනිවා අදහස් කර ඇත්තේ හාවාය.
මගෙ සිත නිරාමිස සතුටකින් හා මව් සෙනහසකින් overflow වෙන්නට පටන්
ගත්තේය.කේන්ති ගියවිට පවා කියන වචන වලින් දරුවන්ට ආදරය ප්රකාශ කිරිම
අම්මලාගේ හැටිය
.මම වහාම මිදුල අතු ගැමට තීරණය කලෙමි.ඉන්පසු කුස්සිය පුරා ඉදල සෙව්වද එහි
තිබුනෙ කොස්සක්ය.කොස්සෙන් මිදුල අතුගෑමෙන්කොස්ස සවුත්තු වන නිස මම නැවත
ගුලට වැදුනෙමි.
ඊයේ රෑ පෙරවූ රෙද්ද හා මදුරු දැල අද රෑටද ප්රයෝජනයට ගැනීමට පහසුවෙන පරිදි
එලෙසම තැබීමට තීරනය කල මම සුපුරුදු car game1 ගැසීමට පටන් ගත්තෙමි.
මේ game1, strike 1ට පෙර මට දුන්නේ ඉසුරුවාය.මම එ අවස්ථාවෙ ඌට ස්තුති කල
නමුත් එය නිවාඩුව තුල මගේ පාඩම් කිරීම කඩාකප්පල් කර batch top කිරුල මගෙන්
උදුරාගැනීමට එකා යෙදු උපක්රමයක් බව මම පසුව වටහා ගත්තෙමි.
'' හැමදාම ඔය එකම race1 යන්නේ ගෙදර වැඩක් කරන්න බැරිද?''
අම්මාගෙ හිස දොර රෙද්ද අතරින් මතුවිය.
හැමදාම එකම race1 වෙන්නේ කොහොමද?මේක හොරු සෙට් එකක් පරාද කර උන්ගෙ ලොක්ක ගාව ඇති BMW එක ගන්න ගහන පට්ට අමාරු ගේමකි.
මම අමාරුවෙන් race1ක් දිනා හම්බ කරගන්න මුදල් වලින් අලුත් car ගැනීම, ගේම
එන්න එන්න අමාරු වීම ගැනඅම්මාට කෙතරම් කිව්වත් ඇය වටහා නොගන්නීය.
ඒ කාන්තාවන්ගෙ හැටිය.
game එකක,cricket match එකක ඇති සoකීර්ණත්වය හා වැදගත්කම ඔවුන්ට තේරෙන්නේ
නැත.දවසක් අපේ නoගී මේ 2ක හා කැලෑවල තියෙන ගස් ගෙනත් පොච්චී වල ඉන්දා වද
දීම සමාන කරන්නට ගොස් මගෙන් හොද හැටි අසා ගත්තාය.
දවල් කාලය තුල මම පාරට බහිනවා සැහෙන අඩුය.ඉස්සර AL රිසල්ට් ආපු කාලයේ මම
පාරෙ යන විට මිනිස්සු පාරෙන් අයින් වී මට ඉඩ දුන්නෝය.සරම කැසපට ගහගෙන හිටි
මිනිස්සු සරම පහත දැම්මේය. (මුලු සරමම නෙමෙයි.යට පට)නමුත් දැන් වරදිලා හෝ
පාරේ ගියොත් කින්ඩියට හිනාවී මල්ලී තාම Strike ඉවර නැද්ද, මල්ලි ගියපු
දවසෙ ඉදන් strike නේ අසති.
දවල් කාලයේ game ගැසීමට අමතරව කතා පොත් කියවීම,නිදා ගැනීම වැනි හොද පුරුදු රාශියක් මගේ කාලසටහනේ ඇත.
මේ ලගකදි පෙරහෙර බලන්න set වූ විට අපෙ කොල්ලො ඔක්කොම කරන්නේ මෙ ටික බවත් පාඩම් නොකරන බවත් දලදා හිමි අසලදි කිවෝය.
කෙල්ලො ටික නම් පන දාගෙන පාඩම් කරනවා ඇති කිය එකෙක් පැවසූ අතර අනිත් උන් එය එක හෙලා අනුමත කලේය.එවැනි වැඩ අපි තරයේ හෙලා දකිමු.
කතා ඇති.හෙටත් මගේ සුපුරුදු කාල සටහන ක්රිදයාත්මක කිරීමට තිබෙන නිසා පරක්කු නොවී නිදා ගත යුතුය.
සැලකිය යුතුයි; මෙහි එන මම යන චරිතය මන:කල්පිත චරිතයකි.
strike කාලේ ජීවන චක්රය 2 කොටස මෙතනින් ගොස් බලන්න..
strike කාලේ ජීවන චක්රය 2 කොටස මෙතනින් ගොස් බලන්න..
හාව දැක්කට කියව්වා.. හාවෙක් අල්ලල වත්ද බලන්න.. මොන හාවෙක්ද. මෙලෝ රහක් නැති කතාවක්.... මේකෙ පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරල ගත්තම "හුගක්" FOOඪ් කරන කොල්ලොන්ගෙ කතාවනෙ......
ReplyDeleteමොනා උනත් දන්න කියන මිනිස්සු ගැන කිසිවක් නොකියා මේ ගෙන ඇති උස්සහය අගේ කොට සලකනව....;)
මොකා!! මෙලො රහක් නැ??? උබ කට වරද්ද ගත්ත කියල හිතා ගනින්
Deletehe heee... jeewana chakree maru...:p
ReplyDelete:P
Deleteපට්ට පට පට....දිගටම කියවන්න හිතෙන විදියට ලියල...උඹ සෑහෙන්න පොරක් නේ..බං....එල එල...!!!
ReplyDeleteතැන්කූ තැන්කූ....... ලියනවට වඩා අමාරු බ්ලොග් එකට නමක් හොයා ගන්න1 බන්.
DeleteHaha Pattai.. blog eke nama ita wada pattai :P :P
ReplyDeleteතැන්කූ තැන්කූ....... :P
Deletehe he, nice story keep it up!!! :D
ReplyDeletethanks wewa!!! :D
DeleteNice wording, keep it up !!!
ReplyDeleteBut the blog name should be edited as " Kubotage adaviya"
~Sumu~
thankoooo....
Deletemamath eka gana hithuwa.eka ape fac eke ayata vtarak purudu namak nisa damme na.meka hamoma danna charithayak ne. :)
කැම්පස් සිසුන්ගේ ජීවන චක්රය :D
ReplyDeleteලස්සනයි ..
:D මෙවයේ ලස්සන තෙරෙන්නේ තව අවුරුදු 3,4 කින :D තැන්කූ........
DeleteOya jeewana chkarayata thawa "strike 1 gana hambena hambena eka samaga ekasiya gaanta bana wadeema" dammoth narakada? ekath ape part 1k wela neh dan :P
ReplyDelete:D ow ow.. eka amthaka una..
Deleteane thawama mekanam kiyawanna welawak awe nane.eka nidahase kiyawanna ithuru karagaththa.congrats.danne nathi deyak thyanawanam magen ahaganna...heee
ReplyDeleteහපොයි ඔව්. මෙයාට හරීයට වැඩනෙ......!!!
Deleteඔව් ඔව්.... ඔයාගෙ උපදෙස් ගන්නැතුව මේක කොහොම දිගටම කරගෙන යන්නද කියලා හිතාගන්නවත් බෑ.. තැන්කූකූ... කාර්යබහුල ජීවන රටාව මැද්දේ මේ පැත්තටත් ආවට :P :P
Deleteඔන්න පටන් ගද්දිම මමත් ආවා. ඔහොම යමු ඔහොම යමු. ආරම්භයෙදිම කමෙන්ට්ස් 17ක්ම තියෙනවා. මම නම් පටන් ගත්තු කාලෙ මම විතරමයි මගෙ බ්ලොග් එක කියෙව්වෙ
ReplyDeleteවෙල්කම් වෙටරන් බ්ලොගර්ර්ර් .තැන්කූකූ වේවා.ඔපන් කරද්දි ගොඩක් අය ඉන්නවා කඩේක උනත්.. ඉස්සරහට තමයි ගේම තියෙන්නේ. (එක ලියාගන්න) ඒ කාලෙටත් හරියන්න දැන් කස්ටිය කියවනවනෙ ඔයාගෙ ඒවා.
Deleteමේකෙ පස්සෙන් එන්න හැකියාවක් නැද්ද? මම කිවුවෙ "follow" කරන එක
Deleteඑනවකො ගෙදර....ආවම අල්ලගන්නම්කෝ....
Deleteඔන්න follow කරන ගැජට් එකත් දැම්මා...
Deletebolaa me wage epa unath waha athal ethi karawana sulu katha leema age karami..thawa thawa me wage epa wena sulu katha leemata awasya sakthiya nidimatha ethulu anawasya guna guna lebenna yayi pathami.:)
ReplyDeletego on baddy.
-Billa-
bohoma sthuthiy billoo.... :)
Deleteමල්ලී.... උඹෙයි මගෙයි සමානකමක් තියෙනවා. එසේ මෙසේ සමානකමක් නෙවෙයි පිස්සු හැදෙන උඹ සමහරවිට විශ්වාසවත් නොකරන සමානකමක්. "නසියර්" කියන ඔය නම මටත් ගොඩාක්ම සමීපයි. එක්තරා කලෙක මමත් මහ ඉල්ලුප්පල්ලමේදී ඔය නමින් පෙනීසිටියා. ඒ .......... නසියර් ලෙසින්. හිස්තැනට සුදුසු වචනේ කාටවත්ම කියන්න එපා හොඳේ.:) ඒක නෙවෙයි උඹ නියම සාහිත්යකාරයෙක්නේ බං. මේ බ්ලොග් පෝස්ට් එකේ පද ගැලපීමනම් සුපිරි. දිගටම කරන් යන්න මලේ. සදා ජය.
ReplyDeleteමල කෙලියයි..... මමත් ඔය කියන .....නසියර්ම වෙලා හිටියා.මහ ඉලුප්පල්ලමේ නෙමේ.ඒත් ඉතින් මඩ කඩේම තමයි..
Deleteකොහොම උනත් ප්රශන්සාවට් ස්තූතියි ජේෂ්ඨ තුමා.. :D
Lassana page 1! :) Ikmanta thawa kathawak liyala danna kammalikamata inne nathuwa ;) -Sachini
ReplyDeletemeya patan ganna kiyala oyagen labuna thalluwata bohoma sthuthy!!!! :)
Deleteblog ekee name ekanan supiri.... mehema story tikak wath dapan apita balanna. ubeema life storya thamai liyawela thiyenne.
ReplyDelete:D thanks aiye.. aluth ewath balanna...
Deleteහොඳ ආරම්භයක්.. දිගටම ලියමු! ජය වේවා!!
ReplyDeleteතැන්කූ.... මචo
Deleteharima lassanata liyala..attatama jeewana chakraya me wagema thamai
ReplyDeleteතැන්කූකූ...... :)
Delete