පින්න පිපිලා රෝස අතු අග
පලිගු කැට මෙන් දිලෙන්නේ..
පියාසලමින් ර oචු ගැසිලා
විහග රහසක් කියන්නේ..
දෑස නොරිදෙද කවුළු අතරින්
හිරුත් ඔච්චම් කරන්නේ..
සිහින අතරින් නිල් ගොයම් මැද
නුඹේ රුව මට පේන්නේ..
ඈත නිම්නයේ හිරුගේ සැඩ රැස්
නුඹ දවාලන වෙලාවේ..
වතේ දා බිඳු නිවී යන්නට
වහිනවද වැහි වලාවේ..
ඈත මළහිරු සැගවි ගිය ඒ
නුඹ දමා ආ සැදෑවේ..
මගේ හිතට පෑයූ අමාවක
බිඳින සිසිකැන් නුඹමවේ..
නුඹේ සුවඳ නැති නිසා
පාලු හුදකලාවේ..
හිටියා මම බොහො කලක්
නුවර තක්සලාවේ..
මගේ හීනබොඳ වෙලා
මහවැලියෙ ගියාවේ..
රැඳුනාවේ නුඹේ වතේ
ඔහු ගෙනා සිනා ඒ..
පාළුවේ වේදනා නැතිව
ලෙන්ගතු මූණ..
මට තරම් නුඹට නෑ
ඇතිනෙ පෙම්බරයාන..
නැතුවානේ මගේ හිතේ
තව ඉතින් ඒ හීන..
ඉක්මනින් එමු නේද
බලන්නට හඳපාන........
නිමිත්ත- මේකට පසුබිම් වෙන්නේ පේරාදෙණියේ කaෂිකර්ම පීඨයේ වෙන සිදුවීමක්.එහේ කaෂිතාක්ෂණය හදාරන අය මුල් මාස 6ක් ඉන්නේ මහාඉලුප්පල්ලම උප ඒකකයේ.ඒ අය එනකම් ඒ පිඨයේ ඉන්න අනිත් සහෝදර පාඨමාලාවල ඒ කියන්නේ සත්ව පාලනය,ආහාර විද්‍යාව හා තාක්ෂණය හදාරන පිරිමි ලමයි වගේම සමහර ජේෂ්ඨ තුමන්ලා මග බලාගෙන ඉන්නවා..
සැලකිය යුතුයි-නිර්මාණයක් විතරයි.මට අදාල නැත....
සමාදියකින් පිරුන සිතකට
ReplyDeleteපැමිණි සිතුවිලි අහුරු මුතු කැට
මෙලෙස අමුණා මාලයක් කොට
පිදුවෙ ඔබගෙම හැඟුම් මල් මිට
මේක දැක්කම මම ලියලා තියෙන1 මොකද්ද කියලා හිතෙනවා.ක්ෂණික 1ක් නේද???
Deleteතැන්කූකූ......
Photo 1e inna ekkena nam oya wage....:) peli 4 nathuwa mehema dammama gathiyak thiyanawa. Well done! :) e unata mehema ewa dala apiwa adawanna epa....
ReplyDeleteෆොටෝ එක දිහා මමත් දැන් තමා හරියට බැලුවෙ.හැමදාම හිනස්සන එවා දාන එකත් සෑහෙන්න අමාරු වැඩක්.. මේ ටික එඩිට් කරගන්න දැක්වූ සහයෝගයට ස්තුතියි!!!!
Deleteමෙකට දාන්න හදපු කමෙන්ටුව, දාලත් delete කරා. උබෙ privacy වලට අව්ලක් වෙයි කියල. ... තනියම එනකම් බලන් හිටියට අවෙ දෙන්නක් වෙලනෙ..
ReplyDeleteසිර ... good work..
පොඩ්ඩක් මොලේ තියෙනවා.. නෑ නෑ මමනම් බලන් හිටියේ නෑ.බලන් හිටපු අයවනම් දන්නවා..:D
Deletehmm... lassanai..
ReplyDeleteතැන්කූකූ.... එච්චර quality නැතුව ඇති.පලවෙනි එකනේ
Deletenice work!!!dukath hituna... :)
ReplyDeletethankooo!!! :)
DeleteIt's a very touching verse, coz we knw the true story
ReplyDeleteEhenam awama matath kiyanna. :P
Deleteසැලකිය යුතුයි-නිර්මාණයක් විතරයි.මට අදාල නැත....
macn nice work.excellent.
ReplyDeleteWIRAHAWA nisalune bn boho kawi liyawenne.
තැන්කූ... එහෙමද?? මේක ඊට වෙනස් විදියකට බිහි වුනේ :D
Deleteඅපූරුයි!
ReplyDeleteබොහොම ස්තුතියි.....
Deletemata adala natha mokata kiyanawada itin me wage nimittakata maath kavi deka tunak liuwa matakai :P ;)
ReplyDeleteekane.uba gana hithala tamai mma meka liwwe :)
Deleteලස්සනයි .....
ReplyDeleteMaru....
ReplyDeleteOkkoma wenne hodatai bn..