හායි... දෙයර්ර්ර්ර්!!!!!
මේ පාර කියන්න යන්නේ ස්ට්‍රියික් කාලේ ජීවන චක්‍රයේ දෙවනි කොටසයි....
පලවෙනි කොටස බලපු නැති අය එකත් මෙතනින් බලන්න.....
ඉස්සෙල්ලාම කීමට ඇත්තේ මගේ බ්ලොග් එකේ ඇති දේවල් අපේ අම්මාට කියන එකා මේකත් කියවනවානම්, "පරිස්සම් වෙලා හිටපන්......" කියාය.
එක්කො කවුරුහරි එකෙක් කේලම් කියන්නේය.නැත්නම් අපේ අම්මාද බ්ලොගිය බලනවාය.
කෙසේ වෙතත් තාක්ෂණය අම්මලා, තාත්තලා අතට පත්වීම මේ දශකයේ අපට මුහුන දීමට සිදුවන බරපතල අර්බුද වලින් 1කි.
කෙසේ වෙතත් දැන් අම්මා කාමරයට ගුල කියා කීම නවතා ඇති අතර එම ස්ථානය ගුහාව ලෙස හදුන්වයි.ගුහා තුල ජීවත් වන පොෂ් සතෙකු තාම මට මතක් වී නැත.
දැන් දින කීපයකට පෙර මගේ රූමො අතරින් දෙන්නෙකු වන ජාඩියා හා පැන්ඩා අපේ ගෙදර ආවෝය.මේ දෙදෙනා ගැන දන්නැති අය බොහෝ දෙනෙක් මේ ලිපිය කියවන නිසා මේ දෙන්නා ගැන පොඩ්ඩක් කියන්නම්.පැන්ඩා මම වගේ සaජුකෝණාස්රාකාරයි.ජාඩියා ගෝලාකාරයි.ඒ ටික දැනගත්තම ඇති..
උන් දෙන්නා එන බව මට කිවේ එන්න කලින් දවසේය.දවසේ කිව්වාට එන්න පැය 10ක් 15ක් ඉස්සෙල්ලාය. එච්චර වෙලාසනින් කීම ගැන මම උන් දෙන්නාට ගුණ වර්ණනා කරද්දී උන් කිව්වේ අනෙක් හැමදේම වගේ මෙම තීරනයද ක්ෂනික එකක් බවයි.
කෙසේ වෙතත් මම එනවා කියපු වෙලාවට ගාලු ගොස් Bus satand එකේ උඩ තට්ටුවට වී මග බලා සිටියෙමි.
එසේ බලා සිටි මට එක වරම නගරයේ කොනක ඇති ඩිජිටල් දැන්වීම් පුවරුවේ අනර්කෙලී මතුවෙනවා පෙනුනි.ඡන්දයක් ලග එනවා විය යුතුය.. නෑ බැලින්නම් රත්තරන් බඩු ad එකක්ය.
ඔය රත්තරන් බඩුව ඡන්දේ කාලේ අපේ ගෙවල් පැත්තේද ආවාය.වාහනයක පිටුපස කොටසේ නැගී බඩ ගොඩක් පේන සාරියක් ඇද ගෙන අපේ ගෙවල් ලගින්ද ගියාය.
එසේ යද්දී අත වනා ආචාර කල බව අම්ම කීවද මටනම් එච්චර උඩ බලන්න වෙලාවක් තිබුනේ නැත.
කෙසේ වෙතත් 11ට එනවා කියපු දෙන්න යන්තම් 5ට විතර ගාල්ලට ලගාවිය.
එදා දවල් මුන් දෙදෙනාට උයපු කෑම ටිකම රෑටත් කන්න දුන්න මම පසුදින දෙදෙනාම කොටුව හා අවට මුහුදු තීරයේ ඇවිදින්න එක්කන් ගියෙමි.
එසේ යන අතරතුර සමකාසන්න රටක, මුහුදුබඩ සoචාරක නගරයක (සිoහලෙන්ම කියනවානම් සුද්දියො අව්ව තපින නගරයක) වාසය කිරිමෙන් කොල්ලෙකුට සෑහෙන ප්රතිලාභ අත්වන බව සියැසින් දැකගත්තෝය.
මේ නිසා මුන් දෙදෙනා සමග වෙරලේ වේගයෙන් යාම පට්ට අමාරු විය.
පැය කීපයකට පසු අපි කොටුවෙන් පහල මුහුදට ත්‍රාසජනක පිමි පනින කොල්ලෝ සෙට් 1 ඉන්න ස්ථානයට පැමිනියෙමු.එහිදී ජාඩියා ගමේ වැවට ගලක් උඩ සිට ජබුන් ගසන ඌටද එම පිමි පැනිය හැකි බව තරයේ කියා සිටි අතර පනින්නද කීපවරක් උත්සාහ කලේය.
ඒකගේ දේහ පරිමාව හා ජලය සමග ඇතිවන ඝට්ටනය සලකා බැලූ විට 2004 සුමත්‍රාව අපිට එවපු සුනාමියට return එක දීමට හොදම අවස්ථාව මෙය බව මට වැටහුනත් ඌ ලග මගේ කතා පොතක්
ඇති බව මතක් වී මම ඌව වැලැක්වූවෙමි.
කෙසේ වෙතත් පැන්ඩාට ගමනක් යන්න ගෙදරින් කතා කල නිසා මේ දෙන්නාට අපේ ගෙදර සිටිය හැකි උනේ දවස් 2ක් පමනි.යද්දි දෙන්නාම මාව බදාගෙන හැඩුවේ මේ යන විදියට අපි ආයිත් හමුනොවෙන්නද ඉඩ ඇති නිසාය.
මගේ ඊට පසු දවස් කීපයම ගත උනේ ගමේ නoගිලා මල්ලිලාගේ result අහන්නය.
AL ප්‍රතිපල වල 4වන edition 1 ලගකදී නිකුත් විය.මේකෙනුත් campus select උනේ නැති අපේ අල්ලපු ගෙදර එකා නැවත නඩු දමන බවට මට තර්ජනය කලේය. වැඩ 3 ම අසමත් ඌ තව කී පාරක් result වෙනස් උනත් විශ්ව විද්‍යාල වරම් නොලබන බව ඌට තේරෙන්නේ නැත.
එකා වැඩ කල හැටි දන්නා මම නිකන්හරි ඌ pass වී අවානම් ඊට විරුද්දව නඩු දැමීමට සුදානමින් සිටියෙමි.
ස්ට්‍රයික් ගැටලුවද විසදෙන පාටක් නැත.මා මෙහි නම සදහන් කිරීමටවත් කැමති නැති ඉoග්‍රීසි අකුරු දෙකේ සුනඛයා ආචාර්යවරුන්ටත් උගේ වටා ඇති සුනඛයන්ට බුරන අයුරින් බිරීම කනගාටුදායකය.
මේ අතර පහුගිය සතියේ අපේ රටට කපිලවස්තු ධාතු වැඩැම්මවීය.මේ ඇසූ මට සියලු ප්‍රශ්න අමතක වී සාධු කියවින.ඒ කල පිනට ජාතියේ අප්පුච්චා බුදු විය යුතු බව අපේ අල්ලපු ගෙදර ආත්තම්මා දත් ඇන්ද දාගෙන සිටින විටක කීවේය.එහේ මලයානම් කිව්වේ එහෙමහරි ඕක චුත වෙනවානම් කියාය..
මේ හැමදේම ගැන සිතා හිත අප්සට් වූ වෙලාවලට මම ITN එකේ NEWS බලමි.එකේ NEWS කියන ඇන්ටිලා අන්කල්ලා කියන විදියටනම් අපේ සoවර්ධනයේ හැටියට ඇමරිකාව පරදා ලෝක බලවතා වීමට ඇත්තේ තව මාස 2, 3කි.
එසේම අප්පුච්චා හා අර අකුරු දෙකේ බල්ලා නෙමේ සොරි! සුනඛයා රහත් වීමටද ඇත්තේ තව ටික දිනකි.
තවද විශ්ව විද්‍යාල ආචාර්යවරු හා ලෝකයේ භයානකම ත්‍රස්තවාදී කල්ලිය වන සරසවි සිසුන් පොලව පලාගෙන අපායට යාමටද ඇත්තේ තව දින කීපයකි.
අර සූරියප්පෙරුම පඩිතුමා කියන විදියටම..
"ආශ්චර්ය... හසන්ත මහත්තයෝ.... ආශ්චර්ය..."
හොක් හොක් හොක්.....
-මේක කියවලා හොදයි කියලා හිතෙනවනම් මගේ බ්ලොග්1 follow කරලා සප් 1ක් දෙන්න.පස්සෙන් එන කස්ටිය කියලා තියෙන තැන click කරන්න-
අනිත් ඒවාට හොරෙන් හිනා වෙවී හිටියට, මේකට තමයි හයියෙන්ම හිනා ගියෙ.
ReplyDelete//යද්දි දෙන්නාම මාව බදාගෙන හැඩුවේ මේ යන විදියට අපි ආයිත් හමුනොවෙන්නද ඉඩ ඇති නිසාය.//
මල්ලි බලාගෙන පාරෙ යද්දි, සුදු වෑන් එකක් දැක්කොත් එහෙම හැංගෙන්න. එහෙම වුනොත් නම් කොහොමවත් ඔයාට වෙන්නෙ අර කියපු එක තමයි
මම මේ අකුරු දෙකේ නම් තියන සුනඛයො මතක් කරනව
ටොමී
කලූ
ස්නෝවි... ආ නෑ එයාට අකුරු තුනයි
ටැන්කෝ ටැන්කෝ.....
Deleteමම ඉතින් ගුලට වැදිලාම නෙ ඉන්නේ.එක නිසා පාරෙදිනම් උස්සන්න හම්බු වෙන් නෑ..
කාමරෙට ආවත් හතර වටේ තියෙන කුනු ගොඩවල් අස්සෙන් මාව හොයාගන්න ටිකක් අමාරු වෙයි. :D
ම්ම්ම්ම් වැරදි.. ඒ නම් 1ක්වත් නෙමෙයි.එකාගේ නම කියලා මගේ ශුද්ධ වූ බ්ලොගිය අපවිත්‍ර කරන්න දුකයි.. :@
අයියෝ, ජන්ද කාලෙදි මහින්ද මාමිට රෙදි නැතිව කඩේ ගිය නසියර් දැන් වෙනස් වෙලා නොවැ...
ReplyDeleteනයි TV බලන පුරුද්දත් අත ඇරලා දාන්න try කරන්න.!
ජය වේවා...
ආයිත් හමුදා කාරයෙක් ඡන්දේ ඉල්ලුවොත් ඒ දේම කරන්න මම පසුබට වෙන්නේ නැත..
Deleteමට පෞද්ගලික දේශපාලන වීරයන් නැති අතර රටේ අනාගතයට අවශ්‍ය පරිදි දෙශපාලන මතය වෙනස් කරමි...
රටට හොදක් උනත් නරකක් උනත් තමන්ගේ වීරයාට(පක්ෂ හෝ විපක්ෂ) චියර් කරන සමහරුන්ද හිතන් ඉන්නේද, පිටට පෙන්නන්නේද තමන් කෑගසන්නේ රටට ආදරේට කියාය...
තැන්කූ වේවා!!!!!
he hee.. aththatma nymai.. :D
ReplyDeletethankooooo .... :D
DeleteHina giye na poddakwath ;) Attatama oya wage dewal mehema prasiddiye kiyana eka hodada mama ahanne...monawa unath ara anthima tikata nam mama eka pain ekaga wenawa :D
ReplyDeletekohe hina yannada.. mama kalakirimen liwwe :D
Deleteprasiddye qwata liwwe mama kyala danne tka denai neh!!!!
lawyer kenek set karana hitapiya.mama ubata nadu danawa kesbewo.
ReplyDeleteaiyooo taraha gannepa rattharan....
Deleteapi 3denage card kohomath kudu ne.anika ithin mewa aranchiuna kiyala taraha wenna kastiya inna ekakya!!!!
Ube gedara thiya aye galla lagin wath yanne na.. warenko cmps.. balagamu..:@
ReplyDeleteඅයියෝ ඇයි මතන් එහෙම කියන්නේ වාවන් නෑනේ.........
Deleteලෙසටම ලියල තියෙනව... ලියන ස්ටයිල් එක එල,, (ය්)
ReplyDeleteචන්ද්‍ර අනගිරත්නගෙ ස්ටයිල් එකද මන්ද..
තැන්කූ ...
Deleteනෑ මචo සමන් එදිරිමුනිගේ විකාර ඉස්සර ඉදන් කියවලා හදාගත්ත ස්ටයිල් 1ක්..
:D
supiri..digatama karagena yanna kollo
ReplyDeleteතැන්කූ ...
Deleteඊලග එකේ පොඩි වෙනසක් කරන්න අදහසක් තියෙනවා බලමු......
:)
කියන්නට කිසිවක් නැත.. අයි.ටී.එන් නිව්ස් බලා හිත සනසවා ගනිමි!! :)
ReplyDeleteජය වේවා!!
අපි කියලා වෙන මක්කා කොරන්නද!!!!
Deleteනසියර් ගෙන් තවත් වෙඩිල්ලක්.........වැඩේ නරකම නැහැ.අප්පුච්චටි අර නමගිය අකුරුදෙකේ සුනඛයාටයි ඔහොම කියල මදි බොලන්..
ReplyDeleteජාදියගෙයි පන්දගෙයි විස්තරත් නරකම නැහැ. ඒවා ඉතින් අපේ දැන් මස ගානකට කලින් කැම්පස් ජීවිතේ අත්දැකීම් නොවෑ.
තැන්කූ කූ.......
Delete:D
Ayeth kiyanna thiyenne ithin pattai kiala thamai Nazier (y)
ReplyDeleteතැන්කූ කූ... හැමදාම මේ පැත්තේ ඇවිත් යනවට..
Delete20 හමුවෙමු (Y)
එල එල
ReplyDeletemaru...oyata metharam hodata liyanna puluwan kiyala danne adane.
ReplyDelete