ඔන්න strike කාලයේ දිනපොතේ තුන්වෙනි කොටස අරන් මම ආවෙමි ය. :)
කලින් කොටස් බලපු නැති අය පලවෙනි කොටස මෙතනින් බලන්න.
දෙවනි කොටස මෙතනින් බලන්න.
මගේ කලින් පොස්ට් එකේ මම පලවෙනි වතාවට කවියක් දැම්මෙමි. (මෙතනින් ගිහින් එක බලන්න) .
ඒක දැමීමෙන් පස්සේ ආව කෙටි පනිවිඩ කීපයකම සදහන් උනේ එවාට කවි කියා කියන්න බැරි බවය.
කමක් නැත. ඒවා කතාද නොවේය.
කෙසේ වෙතත් ලෝකයේ ඕනම කෙනෙකුට කවියෙක් විය හැකි බව මම ඉගෙන ගත්තේ පත්තරයෙනි. ඇෆ්ගනිස්ථානයට බෝම්බ ගසයි, බෝල්ට් රන් පදක්කමක් දිනයි, බුද්ධo සරණo ගච්ඡාමි වැනි
පද 3ක් පවා අගට "ආතා අපේ කීවා හොඳ කතාවක්" යෙදීමෙන් කවියක් කල හැකි බව මට කියාදුන්නේ දිවයින පත්තරයේ මුණුපුරාය.
පහු ගිය දවස් වල මම හිටියේ campus එකේය.ඒ සරසවි ආචාර්ය රැලියට ගිය ගමන්ය.
රැලිය දවසේ උදේ පාන්දර 5ට විතර මොකෙද්දෝ එකෙක් මගේ කකුල හොලවනවා මට දැනුණි.
වම් ඇහැ පමණක් විවෘත කල මට අපේ පින්තුවා දර්ශනය විය. ඕකා මාව හොයාගෙන එන්නේ මොකක්හරි මගඩියකටය. පෝස්ටරයක් අලවන්න, උද්ඝෝෂනයක් කරන්න වාගේ වැඩකටය.
නැවත විවෘත කල ඇහැ වහගත් මම,
"ඇයි බo" කියා ඇසුවෙමි.
"අර ලෙක්චර්ස්ලගේ රැලියෙ stage එක ගහන්න යන්න වරෙන්"
උදේ පාන්දර 5ට මනුස්සයෙකුට මීට වඩා ප්‍රීතිමත් ආරoචියක් ලැබෙන්නට හැටියක් නැත. මූ වගේ කල්‍යාණ මිත්‍රයන් ලැබීමට මම ගිය ආත්මේ මිනිහෙක්වත් මරාදමා ඇත.
"යමo" කියූ මම ඇස් දෙක පියාගෙනම ඇඳේ වාඩි වුනෙමි.
"ආහ් තව එකක්. බාත් රූම් එකේ වතුර නෑ.මූන හොදන් නැතුව තමයි යන්න වෙන්නේ"
අන්න ඒකනම් එල ආරoචියකි.මගේ පොඩි කාලයේ හීනයක් සැබෑ වී තිබේ.
මගේ පොඩි කාලයේ හීන වූයේ උදේ පාන්දර මුන හොදන්නවත් ගමේ වතුර නැතිවීම , රෑ පැමිනි සුලි සුලගකින් අපේ ඉස්කෝලය කුඩුවීම, අපේ ගණන් මිස්ට ඉස්කෝලේ එන්න බැරිවෙන්න ලෙඩක් හැදිම,
අපිට 10 වසරේ ඉoග්‍රිසී කරපු මිස්ට heart attack 1ක් හැදිම වගේ අහින්සක හීනය.
ඇඳේ ඉදන්ම අත දික්කර ඩෙනිමයි,ටී ශර්ට් එකයි ඇඳ ගත් මම ඇස් ඇරියෙමි.
"කට ගඳද දන් නෑ බන්"
කියූ මම අතට ආශ්වාස වාතය ටිකක් පිඹ ඉව අල්ලා බලන්නට උත්සාහ කරනවා මට යන්තම් මතකය..නැවත මට සිහිය එන විට පින්තුවා මට පවන් ගහමින් සිටියේය..
stage එක ගහන තැන කට අරින සෑම විටකම වටේ සිටින පුද්ගලයන් සමඟ අඩි 3ක වත් පරතරයක් තබාගත යුතු බවට මට තරයේ අවවාද කිරීමෙන් පසුව ඌ මාව පිටත් කර හැරියේය.
එදා වැඩ සාර්ථකව නිමා වූ අතර ඊට පහුවදා අපේ batch1 හන්තානේ hike එක ගියෙමු.හන්තාන කොහොමත් පට්ට ලස්සනය.එදා "යන්න බෑ අයියෝ, අම්මෝ පොඩ්ඩක් නවතිමු, ආපහු යමූ " කියා අඬපු අපේ කෙල්ලො ටික නැත්නම් තවත් ලස්සනය. :P
batch එක ඇතුලෙන් hitch වුන කොල්ලෝ hitch 1 කරේ තියාගෙන හතිහලාගෙන,සෙම පෙරාගෙන කඳු නගින ආකාරය දැකීමෙන් ඔටුවන් වන අපිට මාර funය.
hike 1 පුරාවටම අපේ බැජියක් වන සෙන්ට්රොගේ සින්දු අහලා ඇති වුන කනේ වේදනාව නිසා කකුලේ වේදනාව යටපත් විය.සෙන්ට්‍රො ට සින්දු කියන්න හොඳ හැකියාවක් තිබෙන බව කවුද කියාතිබේ.
ඒ කවදාද කියා ඇයට ඒ තරම් මතකයක් නැතත් බොහෝ දෙනාගේ අදහස ඒ අප්‍රේල් පලවෙනිදා බවයි.
ඊට පස්සේ තිබුනේ පාගමනයි. campus එකේ ඉදන් මාවනැල්ල වෙනකම් පයින් ආව අපිට අන්තිම හරිය වෙද්දී හොඳ ගනන්ය.ඒ ගමන පුරාවට අපිට බීම ලබාදුන් අයියලා, අක්කලා, නැන්දලා, මාමාලා ටත්, මාවනැල්ලේ ටවුන් එකෙදි අපිට ටොපි බෑග් 1ක් දුන් කහපාට ඇඳුමක් ඇඳ ,රතු පාට ඔරලෝසුවක් බැඳ ගෙන සිටි හිනාවෙද්දි නල දතක් පේන සුදු ලස්සන අක්කාටත් බොහොම ස්තුතියි ...
ආචාර්ය පා ගමනට නම් මරු මරු කට්ටිය එකතු වී තිබුනි. ලoකාවට නිදහස් අධ්‍යාපනය විකිනීම හඳුන්වා දුන් රනිල් මාමා, *සි සේනානායකලා මේවාට අවේ යටට ඇඳගෙනදැයි මට සිතේ.
ජෙනරාල් තුමා 'නිදහස් අධ්‍යාපනය රැක ගනිමු' හා 'රාජ්‍ය අධ්‍යාපනය රැක ගනිමු' යන සටන් පාඨ දෙකේ වෙනස මොකද්ද කියාවත් දන්නවාදැයි මම දන්නේ නැත.
කෙසේ වෙතත් වැස්සකටවත් campus නොගිය අපේ මාමා හා campus ගිහින් ගොඩ ගිය බලු බණ්ඩා අපිට පස්ස හරවන වෙලාවේ පෞද්ගලික අරමුණු හිතේ තියාගෙන දෙන උදව් පවා ගන්නට වී ඇත.
මේ අස්සේ අපේ ටීම් එක T20 ෆයිනල් ඇවිල්ලාය.මේ ෆයිනල් එක දිනුවොත් කවදාහරි මගේ පොඩි එකාට මම බැලුවා කියලා ආඩම්බරෙන් කියන්න තව world cup 1ක් ඇත. (මේ මන:කල්පිත පොඩි එකාට තාම අම්මා කෙනෙක් නැත.)
කතා ඇතිය.
පහුගිය දවස් වල සරසවි පාගමන් යාම නිසා ගමේ දේශද්‍රෝහියෙක් වී සිටින නිසා final එකට ගේ ඉස්සරහා සිoහ කොඩිය දමා හෝ නැවත මගේ දේශප්‍රේමී චරිතය ගොඩ නගාගත යුතුය.
එහෙනම් මම යමිය. ටා ටා ය......
ඊලඟ පෝස්ට් එකේ වෙනසක් බලාපොරොත්තු වන්න...
-මේක කියවලා හොදයි කියලා හිතෙනවනම් මගේ බ්ලොග්1 follow කරලා සප් 1ක් දෙන්න.පස්සෙන් එන කස්ටිය කියලා තියෙන තැන click කරන්න-
"ලoකාවට නිදහස් අධ්‍යාපනය විකිනීම හඳුන්වා දුන් රනිල් මාමා" නොදන්නා මගුල් කතා කරන්න එපා බන්.. නිකන් පච වෙනවා විතරයි
ReplyDeleteඑහෙමයි.......
Deleteනෑ මට වැරදුනා රනිල් මාමා නිදහස් අධ්‍යාපනයේ මුරගල.දෙයියා....
machan... ube katha liwilla nam superb. Ela... really taleted. ela kollo!!! :) keep it up bro.
ReplyDeleteබොහොම ස්තුත්යි මචෝ.....
DeleteMeka nam kalin katha wagemai...:) Me wage dewal labana athmediwath nowenna danma idan lasthi wenna :P
ReplyDeleteතැන්කූකූ....
Deleteහිත හදාගන්න තමයි තියෙන්නේ....
දේශප්‍රේමී බුද්ධිමත් කැම්පස් කොල්ලෙක්.. විලි ලැජ්ජයි යකෝ.. "ජෙනරාල් තුමා 'නිදහස් අධ්‍යාපනය රැක ගනිමු' හා 'රාජ්‍ය අධ්‍යාපනය රැක ගනිමු' යන සටන් පාඨ දෙකේ වෙනස මොකද්ද කියාවත් දන්නවාදැයි මම දන්නේ නැත." උබ වැඩේ හරියටම කරනවා.. සටනක් කඩන්න ලේසිම ක්‍රමය තමයි ඇතුලේ ඉඳන් ගහන එක.. ආචාරයවරු කරපු ගොන් වැඩේ තමයි මේ සටනට කාලකන්නි අන්තරේ ගාව ගත්ත එක..
ReplyDeleteපෞද්ගලික වීරයොන්ට මොනවහරි කියද්දි අපිටත් හිතට අමාරුයි..රටේ ජාතික ප්‍රශ්නයක් තියෙද්දිත් තමන්ගෙ හීන කුමාරයොන්ට කඩේ යන ඇවුන් තමයි ලැජ්ජ වෙන්න ඕන..
Deleteසටනේ ඇතුලේ හිටියට විවේචනය විය යුතු තැන් විවේචනය කරන්න ඕන..
මට මේක පේන්නෙ මධ්යස්ථ් මතධාරී ලිපියක් විදියට. මොකද, මාමලා දෙන්නවම මතක් කර ඇති නිසා.
ReplyDeleteඇනෝ කමෙන්ට්ස් ගණන් ගත යුතු නැත.
තැන්කූකූ අක්කේ....
Deleteමධ්‍යස්ථ විදියට තමයි ලිව්වේ.එත් ඉතින් බලන අය කන්නාඩි දාගෙන බලන බව අමතක උනා.. ඇනෝලානම් ගනන් ගන් නෑ වැඩිය.....
නියම කතාවක් මලේ. සාමාන්‍යයෙන් බොහෝ දෙනෙක් ටීවී එකෙන් දකින්නේ තිරය ඉදිරියේ ජවනිකාව විතරයි. ඒත් තිරය පිටුපස චරිතත් ජවනිකාත් දකින්නේ නෑ. ගැටඹේ ground එකේ වේදිකාව, batch hike එක, පාගමන සහ හයිඩ් පිටියේ රැලිය පිටුපස තිබු එම ජවනිකා සහ සැඟවුණු සැබෑ චරිතවල වර්ණවත් බව සරලව සහ ප්‍රායෝගිකව නියමෙට විස්තර කරලා තියෙනවා.. සදා ජය ...............................!!!
ReplyDeleteබොහොම ස්තුතියි අයියේ.. :)
Deletehe hee.. marui oyage blog kywala mama godak hina wenawa...elazzzzz..
ReplyDeleteතැන්කූ.... එල එල ඔයා අපිව හැමදාම හිනස්සන එකේ ඔයාවත් හිනස්සන්න එපැයි..
Deleteහිහි.....නියම ලිපියක් :)
ReplyDeleteබොහොම ස්තුතියි.. :)
Deleteහොඳ ලිපියක්!
ReplyDeleteබොහොම ස්තුතියි.. :)
Deleteහ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්..............නරකම නැහැ මචෝ :D 6% ප්‍රශ්නේ ඉවරවුනාමත් ගොඩක් දේවල් තියෙයි ලියන්න.හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටලු නේ!!!!!!!!
ReplyDeletemara live...
ReplyDeleteNiyamae..
Ara banapu eka nam niyama nama kiyannath bari ______ yak...
Mama avith final ekatath keliya.. Aeo salle!!!
අඩේ පට්ටයිනෙ යකො............උඹෙ පොඩි කාලෙ හීන හැම පොඩි එකාගෙම හීන තමයි.,.....
ReplyDeleteඇයි බං ශිෂ්‍යත්ව පංතියෙ සර්ට ඇක්සිඩන්ට් එකක් වෙන හීනෙ..ඒකත් පට්ටයි...!!
හොඳ නිර්මාණයකි ඔබට ජය!
ReplyDeletehttp://manasindiviyata.blogspot.com/
melo rahak ne yako,aparade ape kale
ReplyDelete