මම මේ පෝස්ට් එක දාන්න මුලින්ම හිතුවෙ තරුරසී අක්කාගේ කියවීමේ උප්පත්ති කතාව දැකලා.ටික ටික කල්දදා ඉදිද්දි මේක ඉක්මනට දන්න කියලා මට මතක් කරේ මගෙ යාලුවෙක්.තව පහුගිය දවස්වල මම සම්බන්ධ වුන පොඩි වැඩක් නිසාත් මේක ගැන මගේ මතකය අලුත් උනා.
පොත් කියවන කෙනෙක් ඒකට යොමු වෙන එක එක විදි තියෙනවා. සමහර අයගේ ඒ ගැන හරි ලස්සන කතාත් තියෙනවා.ලස්සනද නැද්ද මම දන්නෑ. මේ මගේ කතාව...
මම පොත් වලට ඇබ්බැහි උනේ මට අකුරු කියවන්න පුලුවන් වෙන්නත් ඉස්සෙල්ලා.එතකොට මම හිතන්නේ මට වයස අවුරුදු 4ක් විතර ඇති.
දවසක් අපේ තාත්තා මාව එක්කගෙන ගියා අපේ පන්සලට.අපේ ගෙදර ලඟ ඉඳන් පොඩි දුරයි.වෙල් යායකින් වටවෙච්ච පොඩි කඳු ගැටයක් මුදුනේ තමයි පන්සල තිබුනෙ.පන්සල පල්ලෙහා තිබුන දහම් පාසල් ගොඩනැගිල්ල අලුතින් හුණු පිරියම් කරලා ලස්සනට සරසලා.එතන මිනිස්සු ටික දෙනෙකුත් හිටියා.මම ඇහුවා තාත්තගෙන් මොකද මෙතන වෙන්නේ කියලා.
"අද ඉඳන් මෙතන පුස්තකාලයක් පටන්ගන්නවා.ඔයාටත් එන්න පුලුවන්" තාත්තා කිව්වා.
පුස්තකාලයක් කියන්නෙ මොකද්ද කියලා ඒ කාලෙ මම දන්නේ නෑ මට මතක විදියට.
සිරිධම්මරතන නාහිමි අනුස්මරණ පුස්තකාලය පටන් ගන්න මුල් වුනේ අපේ ගෙවල් ලඟම හිටි ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක්.දැන් වගේ ලොකූ සoදර්ශන තිබුනේ නෑ.ලොකු හාමුදුරුවො ඇවිත් පොඩි දේශනයක් තිබ්බා.සුබ මොහොතින් පුස්තකාලේ විවෘත කරා. ලව්ඩ්ස්පීකර්, පෝස්ටර්, කට්අවුට් මුකුත් නෑ.සරල උත්සවයක්.
තත්තාගේ අතේ එල්ලිලා ගිහින් එතන හිටිය අක්කට නම කියලා රුපියල් 10ක් දුන්නම පොඩි කාඩ් එකක් හම්බුනා.ඒකට කියන්නේ සාමජික කාඩ් එකලු.මගේ අoකේ 4 ලු. මමනම් දන් නෑ.අනිත් අය කියපු කතා තමයි ඉතින්.
මේ පුස්තකාලේ පුස්තකාලාධිපතිනිය විදියට පත් උනේ අපේ අසල්වැසි ජෙනීෆා අක්කා.ඇය අපේ ගමේ ශ්‍රි.ල.නි.ප ක්‍රියාකාරියෙක්ගේ දුව. උපතින්ම කතෝලික උනත් පන්සල එක්ක හරි හරියට සම්බන්ධවෙලා වැඩ කරා.
පුස්තකාලේ පටන් ගනිද්දි හිටියේ සාමාජිකයන් 20ක් විතර මට මතක විදියට. ඒ නිසා වැඩි දෙනෙක් එතනට ආවේ ගියේ නෑ.ඒ කොහොම උනත් හැමදාම හවස 2 ඉදන් 5 වෙනකම් පුස්තකාලේ විවෘතයි.මේ නිසා ජෙනීෆා අක්කගේ තනියට මාවත් එක්ක යන්න කියලා අපෙ අම්මා කිව්වා.
එදා ඉදන් ඉතින් හැමදාම මම පුස්තකාලේ රාජකාරි. එතනට ගිහින් පොඩි ලමයින්ගේ පොත් තියෙන රාක්කෙන් රූප ටිකක් වැඩියෙන් තියෙන පොතක් අරගෙන පෙරල පෙරලා ඉන්නවා.සමහර වෙලාවට අක්කාගෙන් කතාව අහගන්නවා.
එතන වැඩිය රූප තියෙන පොත් තිබුනේ නෑ. රූප නෑති පොත්වල තිබුන කුරුමිණි අඬු වගේ අකුරු කියවන්න මට තේරුනේ නෑ.ඒ පිටු අතරේ තියෙන කතා තේරුම් ගන්න බැරි නිසා දුක හිතුන දවසක මම ගෙදර ගිහින් අම්මට කිව්වා.
"අනේ අම්මේ මටත් අකුරු කියලා දෙන්නකෝ " කියලා.
අම්මට ලොකු හිනාවක් ගියා.අම්මා ප්‍රාථමික පන්ති වලට උගන්වන ගුරුතුමියක්.ළමා මනස ගැන ළමාකාලය ගැන ඇයට හොඳ අවබෝධයක් තිබුනා.මට සෙල්ලම් කරන්න තිබුන ළමාකාලේ පොතකට හිර කරන්න අම්මට වුවමනා උනේ නෑ.
වැඩේ හරි ගියේ නැති නිසා මම වෙනදා වගේ පුස්තකාලෙට ගිහින් රූප බලලා ගෙදර එනවා. හවස 3,4 කියන්නේ සමාන්‍යයෙන් මම නිදාගන්න වෙලාව.දැන් වගේ තමයි ලෙක්චර් නෙමෙයි මල ගෙදරක් මගුල් ගෙදරක් උනත් නිදිමත උනාම මම නිදි.ඒක නිසා ගොඩක් දවස් වලට පත්තර මේසේ උඩ නින්ද ගියපු මාව ගෙදර වඩාගෙන ආවේ ජෙනීෆා අක්කා. අදටත් හම්බවුනාම ඇය හිනාවෙලා මේ ගැන මතක් කරනවා.
යන්තම් 2 වසරට විතර යද්දි මම අකුරු කියවන්න පටන්ගත්තා. මුලින්ම පොත්වල දන්න වචන හොය හොය කියෙව්ව මම පොත ඇතුලේ තිබුන කතාව හොයාගත්තා.එච්චර කල් පිටු පෙරලලා බලපු පොත් ඇතුලේ තිබුන කතා තේරුම් යද්දි පුදුම සතුටක් ඇති උනේ.එදා ඉදන් පටන්ගත්ත කියවිල්ල ඉතින් තාම කියවනවා..
මම ඉස් ඉස්සෙල්ලම තනියෙන් කියෙව්වේ 'අලි කලබලය'.මට මුලින්ම අම්මා ගෙනත් දුන්නේ 'උදාරගේ පෙරලිය'.ඒ කාලේ මගේ කැමතිම පොත 'ජින්සෙන් කුමාරි'.
මේ රූපය හොයාගත්තේ පොත් කියවන අය කියන ෆේස්බුක් කණ්ඩායමෙන්.. |
මම ඩේවිඩ් කරුණාරත්නගේ රොබින් හුඩ් පොත කියෙව්වෙ 3 වසරෙදි. එකේ තිබුන ගොඩක් වචන ඒ කාලේ මට තේරුනේ නෑ.ඒක කියවලා 'චුම්බනය' කියන වචනේ තෙරුම අහගන්න අම්මගේ පස්සෙන් ගිය හැටි තාම මතකයි.
4 වසරෙදි කියවපු හොදම පොත 'මාස්ටර්මන් රෙඩී' අසoක්ෂිප්ත පරිවර්තනය.ශිෂ්‍යත්වේ පාස් උනාම සුනඛ ශාපය, ඇලන් ක්වාටමෙන්, සැබෑ මිනිසෙකුගේ කතාව, සැඟවුන ලොවේ සවාරියක් වගේ පොත් ගොඩක් තෑගි හම්බුනා.ඒ තමයි මම හිතන්නේ මගේ කියවීමේ ස්වර්ණමය යුගය.
මම 5 වසරෙදි විතර පුස්තකාලෙ පරිපාලනය පන්සලෙන් ගමේ යෞවන සමාජයකට බාර උනා.එයාලා ඔක්කොම වෙනස් කරන්න පටන් ගත්තා. සමාජික අoක 4 හිටපු මම 24 වුනා. පුස්තකාලෙ රාජකාරි කරන එක එයාලා තමන්ගේ පෙම්වතා හරි පෙම්වතිය මුනගැහෙන්න අවස්ථාවක් කරගත්තා.අපිටත් ගෙදරින් පුස්තකාලෙට යන එකට තහoචි වැටුනා.
අවුරුද්දකින් පස්සෙ යෞවන සමාජෙ පුස්තකාලෙන් අයින් වෙලා ගියා. නිකන් නෙමෙයි.පොත් වලින් බාගයකුත් අරගෙන.
මට පුස්තකාලේ නැති උන එක ඒ තරම් පාඩුවක් උනේ නෑ.මොකද අපේ ඉස්කෝලේ හොඳ පුස්තකාලයක් තිබුනා.ඇරත් අම්ම හැම පඩියටම මට අලුත් පොතක් ගේන්නත් පුරුදුවෙලා හිටියා.
දැන් කස්ටිය බලනවා ඇති මොකද මේ මම එක පාරටම සිරා පොස්ට් එකක් දැම්මේ කියලා.මේකයි හේතුව.මට මතක ඇති කාලේ ඉදන් කියවන්න ලොකු පිපාසයක් මට තිබුනා.ඒ වගේම මගේ පිපාසේ සoසිඳෙන්න ඇති තරම් පොත් මගේ වටේට තිබුනා.මට විතරක් නෙමෙයි අපි හුඟ දෙනෙකුට එහෙමයි.
ඒත් අපි වගේ කියවන්න ලොකු ආසාවකටත් වඩා පිස්සුවකින් ඉන්න ඒත් කියවන්න පොතක් හොයාගන්න නැති අහින්සක ළමයි කොයි තරම් ලoකාවේ කොයි තරම් ඉන්නවා ඇතිද? කියවන්න පුරුදුවුන කෙනෙකුට පොතක් නැති උනාම තියෙන අමාරුව දන්නවනේ..
ඒ වගේ ළමයින්ගෙ පිපාසේ සoසිඳවන්න IMCD (International Movement for Community Development) සoවිධානය 'Needy Readers' කියලා ව්‍යාපෘතියක් කරගෙන යනවා. මේකෙන් කෙරෙන්නේ පොත් කියවන අය ලඟ තියෙන කියවල ඉවරකරපු පොත්,අළුත් පොත් එකතු කරලා දුෂ්කර පළාත් වල පුස්තකාල වලට බෙදාහරින එක. ඔවුන්ගේ 'Needy Readers 2012' ව්‍යාපෘතියෙන් පොත් 12000ක් විතර බෙදාහැරලා තියෙනවා.
කලින් කිව්වා වගේ පොත් ඇතුලෙන් ලෝකය දකින්න ආසාවෙන් ඉන්න ඒත් ඒකට අවස්ථාවක් නැති ළමයෙකුගේ ඒ හීනේ සැබෑ කරන්න දායක වෙන්න ඔබත් කැමතිනම් අපට දන්වන්න.ඔබ ලඟ තියෙන භාවිතා කරපු හෝ අළුත්, සිoහල, දමිළ, ඉoග්‍රීසි ඕනම භාෂාවකින් ලියවුන පොත් කැමති ප්‍රමානයක් මේ ව්‍යාපෘතියට ලබාදෙන්න.
ඔබට ආසන්නම නගරයට ඇවිත් IMCD නියෝජිතයන් පරිත්‍යාගය බාරගන්නවා.වැඩිදුර තොරතුරු දැනගන්න කැමතිනම් අපිට කතාකරන්න..
උපුල් - 0716663282
මාධව- 0774982677
ධනුක- 0771800317
ගිහාන්- 0712242674